ඒ අනුව, හිටපු ජනාධිපතිවරුන්ට ඇති තර්ජන තක්සේරු සමාලෝචනය කිරීමෙන් පසුව ඒ තක්සේරුව මත ඉදිරියේදී ආරක්ෂාව ලබාදීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව පවසයි.
දැනටත් එම කටයුතු ආරම්භ කර ඇති බව ඔහු කියා සිටියේ අද (8) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු විමසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එතෙක් දැනට ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ කිසිදු වෙනසකින් තොරව එලෙසම පවත්වාගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසිය.
එසේම, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට පැතිර යන ප්‍රචාර සාවද්‍ය බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.