පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න
පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටි යි.
දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම භාරගන්නා බවත් රජයක් ලෙස ඊට අවශ්‍ය මැදිහත් වීම සිදුකරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
දරුවන්ට සුරක්ෂිත, ආරක්ෂාකාරී රටක් බිහි කිරීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත් වීම සිදු කරන බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.
අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසූවේ ලෝක ළමා දිනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධාන කළ ’මග හැරුණු පාඩම’ නමින් ඊයේ (01) කැලණිය නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ දී පැවති උත්සවයේ දීයි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,
“අපේ රටේ අමතක වෙලා තිබුණු, මග හැරුණු ගොඩාක් ප්‍රශ්න තිබෙනවා.
තරගකාරී ලෝකය තුළ මනුෂ්‍යත්වයට අවශ්‍ය වැදගත්ම දේවල් ගොඩාක් අත හැරලා තනියම ගමනක් යන්න සිදුවෙලා තියෙනවා.
විශේෂයෙන් අපේ දරුවන්ගේ අධ්‍යාපන ක්‍රමය, වැඩිහිටියන්ගේ ආර්ථිකය වැනි බොහෝ කරුණු මේ සඳහා බලපා තිබෙනවා.
එම මග හැරුණු පාඩම් අතර අපේ මනුෂ්‍යත්වයට අත්‍යවශ්‍ය දේවල් අතර එකිනෙකා රැකබලා ගැනීම, ආරක්ෂාව දීම, සාමූහිකත්වය, ආදරය කිරීම, ගරු කිරීම, තව කෙනෙක් තේරුම් ගැනීම, දුකේදී සැපේදි මිත්‍රත්වය දැක්වීම, වැඩිහිටියන් සමග ගනුදෙනු කරන ආකාරය, වැඩිහිටියන්ව රැකබලා ගැනීම, අපි ජීවත්වෙන පරිසරය හා එහි සිටින සතුන් රැකබලා ගන්නේ කොහොමද යන දේවල් ඇතුළු බොහෝ දේ අපිට මග හැරුණු පාඩම්.
අපි හැමෝම මේ සියල්ල අතඇරලා ඉතා තරගකාරී ජීවිතයක් ගත කරනවා.
කණගාටුවෙන් වුවත් කිය යුතුයි මේ දේවල් වලට වගකිව යුත්තේ දරුවන් වන ඔබ නොවෙයි වැඩිහිටියන් වන අපියි.
ඒ කෙසේ ද යනු අපේ දරුවන්ට හරිම දුෂ්කර, තරගකාරී, පීඩාකාරී ජීවිතයක් නිර්මාණය කර දී තිබෙන්නේ වැඩිහිටියන් වන අපියි.
අපි එය වෙනස් කළ යුතුයි. අපි සියලු දෙනා කැප වී ඒ වෙනස අනිවාර්යෙන්ම කරනවා.
ඔබ තුළ තියෙන මානූෂිය ගුණය වැඩිදියුණු කරලා, ඔබට වඩා හොඳ පරිසරයක් ගොඩනැගීම තමයි අපේ අරමුණ.
අපි මේ ලෝකය වෙනස් කරමු.
වැඩිහිටි අපිට මගහැරුණු පාඩම් ගොඩක් තියෙනවා.
ඒ පාඩම් අපි ඉගෙන ගමු.
මේ ලෝකය මීට වඩා ලස්සන තැනක්, මීට වඩා ආරක්ෂාකාරී රටක්, මීට වඩා පොහොසත් රටක්, මීට වඩා සුරක්ෂිත රටක් ගොඩනැගීමේ වගකීම අපිට තියෙනවා.
ඒ ලෝකය ගොඩනගන බවට මම ප්‍රතිඥා දෙනවා.
දරුවන් තුළ තිබෙන මානුෂීය ගුණාංග වර්ධනය වීමට ඇති බාධාවන් ඉවත් කර සතුටින් ජීවත් වීමට ලෝකයක් සෑදීම අපේ වගකීමයි.
ඔවුන්ට අලුත් ලෝකයක් හදන්න අපේ මැදිහත් වීම කරනවා.
මේ රට අපි වෙනස් කරමු.
මේ ලෝකය අපි වෙනස් කරමු. ඒ බලාපොරොත්තුව ඔබ තුළ තියාගන්න. ”
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටි යි.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී මඩකලපුව බන්ධනාගාරයේ සිටිමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් භාවයකින් සිටි බව මේ වන විට කරුණු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේය.
ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවකු නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.