උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
වසර කිහිපයකට පසු කොළඹ සහ කෝට්ටේ ප්‍රදේශවල ''චිකුන්ගුන්යා'' රෝගය ව්‍යාප්තිය වැඩි වශයෙන් වාර්තා වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
වෛද්‍යවරු පවසන්නේ, මදුරුවන් බෝවන ස්ථාන හැකි පමණින් විනාශ කිරීම මගින් පමණක් ''චිකුන්ගුන්යා'' රෝගය ව්‍යාප්තිය පාලනය කරගත හැකි බවය.
''චිකුන්ගුන්යා'' වෛරසය ආසාදිත මදුරුවකු දෂ්ට කිරීමෙන් මිනිසුන්ට රෝගය පැතිරෙන අතර රෝගය වැළඳුණු සංචාරකයින්ගෙන්, බලපෑමට ලක්නොවූ ප්‍රදේශවලට ද රෝගය පැතිරීම සිදුවේ.
සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ මෙරට තුළ යළිත් චිකන්ගුන්යා රෝගය ව්‍යාප්තවීමේ තත්ත්වයක් මතුව ඇති බවය.
මේ දිනවල පාසල් නිවාඩු සමය බැවින් දරුවන් නිතර පරිසරයට නිරාවරණය වන පසුබිමක ඇතැම් ප්‍රදේශවලට වැසි තත්ත්වය ද වර්ධනය වීමෙන් මදුරු ගහණය ඉහළ යා හැකි බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් අධානයෙන් සිට මඳුරුවන් බෝවන තැන් විනාශ කිරීමට මෙන්ම අවට පරිසරය පිරිසිදුව තබා ගැනීමට වගබලා ගත යුතු වේ.
''චිකුන්ගුන්යා'' රෝගය මේවනවිට හඳුනාගෙන ඇත්තේ, අප්‍රිකාව, අමෙරිකාව, යුරෝපය හා ආසියානු මහද්වීපවල මෙන්ම පැසිෆික් හා ඉන්දියානු සාගරවල පිහිටි දූපත්වල පැතිරෙන රෝගී තත්ත්වයක් ලෙසය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.