කොස්ගම වෙඩිතැබීමක්
කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ අද (06) අලුයම සිදුකළ වෙඩිතැබීමකින් කුඩා දැරියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබේ.
ප්‍රදේශ කිහිපයක සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය පැවසුවේ මෙම අනතුරු අද (15) දිනයේ සිදුවූ බවය.
ඒ අනුව අද අලුයම් කාලයේදී කුරුණෑගල - දඹුල්ල A-6 මාර්ගයේ කුරුණෑගල උතුරු ඩිපෝව අසලදී දඹුල්ල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වූ කැබ් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක සහ යතුරුපැදියක ගැටී තිබේ.
අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු, පසුපස අසුනේ ගමන් ගත් දෙදෙනෙකු හා යතුරුපැදියේ පැදිකරු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කිරීමේදී ත්‍රිරෝද රථයේ රියදුරු හා පසුපස අසුනේ සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 37 හා 43 වයස්වල පසුවන ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.
අනතුර සිදුකළ කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බීමත්ව රිය පදවා ඇති බවට අනාවරණය වී තිබේ.
මේ අතර අද අලුයම් කාලයේදී ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ කි.මි 134-135 කණුව අතර ප්‍රදේශයේදී ගාල්ල දෙස සිට මාතර දෙසට ගමන් ගත් යතුරු පැදියක් පැදිකරුට වේගය පාලනය කරගත නොහැකිව ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි මෝටර් රථයක ගැටී තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ගොන්නගහහේන රෝහලට ඇතුළත් කිරීමේදි මියගොස් ඇත.
මියගොස් ඇත්තේ අවුරුදු 45ක් වූ මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ අද (06) අලුයම සිදුකළ වෙඩිතැබීමකින් කුඩා දැරියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබේ.
සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහභාගී වීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රවේශ පත් අලෙවි කිරීමක් සිදු නොකරන බව එම උත්සවයේ සංවිධායකයන් අවධාරණය කරයි.
හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (04) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.