ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
Google සමාගම විසින් සිය කෘත්‍රිම බුද්ධි අවකාශය වන ‘Gemini’ හි වැඩිදියුණු කරන ලද විශේෂාංග ඇතුළු අනෙකුත් ප්රතිලාභ නොමිලේ ශ්‍රී ලාංකික සිසුන්ට ලබාදීමට එකඟතාව පළ කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න අවධාරණය කර තිබේ.
මෙය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ Google සමාගම අතර මාස ගණනක් පැවති සහයෝගීතා වැඩසටහනක සාර්ථක ප්‍රතිඵලයක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ AI National Expo ප්‍රදර්ශනය අද (29) ආරම්භ කරමිනි.
මෙම නව වැඩසටහන ඔස්සේ දිවයිනේ සිසුන්ට අති නවීන කෘත්‍රිම බුද්ධි මෙවලම් (AI tools), ක්ලවුඩ් පරිගණක වේදිකා (cloud computing platforms) සහ ඩිජිටල් ඉගෙනුම් සම්පත් සඳහා නොමිලේ ප්‍රවේශ වීමට පහසුකම් සැලසෙනු ඇති බව ඔහු සඳහන් කර තිබේ.
මෙම පියවර මඟින් ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි සංවර්ධනය සහ ඩිජිටල් සාක්ෂරතාවය සඳහා වන ජාතික හැකියාව ඉහළ නැංවීමට අපේක්ෂා කෙරෙන අතර, එමගින් අනාගත පරම්පරාව නව්‍යකරණය සඳහා සවිබල ගැන්වීමත්, සංකීර්ණ අභියෝග විසඳීමට සහ ගෝලීය වශයෙන් තරග කිරීමට ඔවුන්ට ඉඩ සලසා දීමත් සිදුවනු ඇති බව වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
මෙම වැඩසටහන කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර, වැඩිදුර තොරතුරු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කරනු ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.