මානව හිමිකම් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කළ මෙම නව වාර්තාවට අනුව, පර්යේෂකයන් විසින් ළමුන් ලෙස පෙනී සිටින ව්‍යාජ ගිණුම් නිර්මාණය කර ලිංගික අන්තර්ගත නිර්දේශ නොවන පරිදි ආරක්ෂක සැකසුම් සක්‍රිය කළ නමුත් දිගින් දිගටම ලිංගික සෙවුම් යෝජනා එම ගිණුම් වෙත ලැබී ඇත.
එම යෝජිත සෙවුම් පද, ලිංගික ක්‍රියා පැහැදිලිව පෙන්වන වීඩියෝපට ඇතුළු ලිංගික අන්තර්ගත වෙත යොමු කෙරෙන බවයි වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ.
ආරක්ෂිත සහ වයසට ගැළපෙන අත්දැකීම් ලබාදීම සඳහා කැපවී සිටින බවත් ගැටලුව දැනගත් වහාම පියවර ගත් බවත් ටික්ටොක් සමාජ මාධ්‍ය වේදිකාව පවසා තිබේ.
මෙම වසරේ ජූලි අග සහ අගෝස්තු මස මුලදී, Global Witness කණ්ඩායමේ පර්යේෂකයන් වයස අවුරුදු 13ක් ලෙස දක්වමින් TikTok හි ගිණුම් හතරක් නිර්මාණය කර තිබුණි.
ඔවුන් ව්‍යාජ උපන්දින භාවිතා කර තිබූ අතර ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා වෙනත් තොරතුරු සපයන ලෙස ද ඉල්ලා නොතිබුණි.