ඇය මේ බව ඊයේ (17) කියා සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
මෙම පනත් කෙටුම්පත පනතක් බවට පත්වූ පසුව නීති විරෝධී ආලේපන වර්ග වෙෙළඳපොළේ භාවිතය තහනම් බව කියා සිටි වෛද්‍යවරිය පසුගිය වසර තුනේදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඔස්සේ රූපලාවණ්‍ය ආලේපන 9,000ක් පමණ ලියාපදිංචි වී ඇති බවත් ඒ අනුව වසරකට රූපලාවණ්‍ය ආලේපන වර්ග 3,000කට පමණ ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ලියාපදිංචිය ලබාදී ඇති බව ද පැවසුවාය.
දියවැඩියාව සහ වකුගඩු රෝග සඳහා රසදිය අඩංගු සම සුදු කරන ආලේපන හේතු වන බවත් දිගු කාලීනව මෙම ආලේපන භාවිතයෙන් පුද්ගලයන්ට විවිධ රෝගාබාධ ඇති විය හැකි බවත් ඇය ප්‍රකාශ කළාය. ගර්භිණී කාලයේදී සම සුදු කරන ආලේපන වර්ග භාවිතයෙන් ඉපදෙන දරුවාගේ ඉගෙනීමේ දුර්වලතා, මතකය සහ අවදානය අඩු වීම, ක්‍රියාකාරකම් සහ ඇවිදීම පරක්කු වීම, හැසිරීමේ ගැටලු ඇති වීම යනාදිය සිදු වන්නේ යැයි ද ඇය අවධාරණය කළාය.
සම යනු ශරීරයේ තිබෙන විශාලම අවයවය බවත් එම අවයවයේ ආලේප කරන විෂ සහිත ආලේපන වර්ග නිසා රුධිරයට විෂ වර්ග එක්ව පුද්ගලයාගේ ශරීරය ලෙඩ කරන බව ද පැවසුවාය. ශාකසාරවලින් නිෂ්පාදිත ආලේපන වර්ග ද ශරීරයට අහිතකර විය හැකි බවත් විවිධ වර්ගයේ ආලේපන භාවිතයේදී පාරිභෝගිකයා ප්‍රවේසම් විය යුතු බවත් වෛද්‍යවරිය පැවසුවාය.
කිසිදු ආකාරයකින් සැලෝන්වලට සම සුදු කරන ආලේපන වර්ග නිෂ්පාදනයට අවසරයක් නොමැති බවත් එවැනි සැලෝන්වලින් ලබාදෙන ආලේපන වර්ග ප්‍රතික්ෂේප කිරීම පාරිභෝගිකයාගේ වගකීමක් බවත් ඇය අවධාරණය කළාය.
විශේෂයෙන්ම ළදරු ගැහැනු දරුවන්ගේ සමෙහි පවුඩර් ආලේපනයෙන් ඩිම්බකෝෂ පිළිකා ඇති වීමේ අවදානමක් පවතින අතර කුඩා දරුවන්ට පවුඩර්, කොලෝන් භාවිතය සිදු නොකළ යුතු යැයි ද විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පැවසුවාය.