CLOSE

උඩුකය නිරුවතින් මාර්ගයක ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට පත් විදේශ තරුණිය අද (15) අධිකරණය හමුවට පමුණුවන බව පොතුවිල් පොලිසිය පවසයි.

ආරුගම්බේ සංචාරක කලාපයේ මහා මාර්ගයක මෙලෙස ගමන් කරමින් සිටියදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණේ තායි ජාතික කාන්තාවකි.

පොලිසිය පැවසුවේ ප්‍රසිද්ධ ස්ථානයක අවිනීතව හැසිරීමේ චෝදනාව මත පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණය වෙත අදාළ තරුණිය ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.