ඒ අනුව සුපිරි 6 වටයේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය එළැඹෙන 26වනදා ස්කොට්ලන්තයට එරෙහිව පැවැත්වේ.
එම වටයේ ඔවුන් ක්‍රීඩාකරන දෙවන තරගය මෙම මස 29වනදා ඔස්ට්‍රේලියාව සමගින් ක්‍රීඩාකිරීමට නියමිතව ඇත.
කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ මූලික වටයේ තරග කාණ්ඩ 4ක් යටතේ පැවැත්විණි.
එහි 'A'කාණ්ඩයෙන් ක්‍රීඩාකළ ශ්‍රී ලංකාව එම කාණ්ඩයෙන් තරගකළ සත්කාරක මැලේසියාව හා බ.ඉ. කොදෙව් කාන්තා කණ්ඩායම් පහසුවෙන් පරාජය කිරීමට සමත් වූ නමුත් ඉන්දියාවට එරෙහි තරගය පමණක් පරාජය වී එම කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්විය.
සුපිරි 6 වටයේ තරග හෙටින් (25) ආරම්භවීමට නියමිතව ඇත.