කොස්ගම වෙඩිතැබීමක්
කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ අද (06) අලුයම සිදුකළ වෙඩිතැබීමකින් කුඩා දැරියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබේ.
ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අවස්තාවක එරටින් පිටවීම සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.
ඊයේ (19) දිනයේ පමණක් සිව්දෙනෙකුට ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පහසුකම් සලසා ඇති බවත් ඊශ්‍රායලයේ නිවාඩු දින වන අද (20) සහ හෙට (21) තානාපති කාර්යාලය විවෘතව පවතින බවත් ඔහු පවසයි.
"ශ්‍රී ලංකාවට ඇවිත් ඉන්න අය අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නෑ. යුද්ධය ආරම්භ වූ ජූනි 14 වන දා සිට යම් අයෙකුගේ වීසා කාලය කල් ඉකුත් වෙලා තියෙනවා නම් ඔවුන්ට නැවතත් ජාත්‍යන්තර ගුවන්ගමන් ආරම්භ කළ විට ගුවන් සමාගම්වලට දැනුම්දෙන බව දැනුම්දීලා තියෙනවා අපිට. ඒ නිසා වීසා කල් ඉකුත් වුණත් රටට ඇතුළු වෙන්න අවසර දෙන්න ටිකට් පත් නිකුත් කරන්න කියලා. ඒ නිසා ඔවුන්ට නැවත පැමිණීමේ හැකියාව තියෙනවා.
ඊයේ දිනයේ දී ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙක් තානාපති කාර්යාලයට පැමිණියා, ඔවුන්ට නැවත ශ්‍රී ලංකාවට යාමට අවශ්‍යයි කියලා. ඒ අනුව අපි කයිරෝවල තියෙන අපේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැන්වූවා. දේශසීමා හරහා යන්න අවසර දෙන්න කියලා අපි දැනුම් දුන්නා. මම හිතනවා ඉදිරි දිනවල ලාංකිකයින් මේ වගේ ලංකාවට යන්න බලාපොරොත්තු වෙයි කියලා. ඒ සියලුමදෙනාට තානාපති විදියට උදව් කරන්න කැමතියි. ඊශ්‍රායලයේ අද සහ හෙට නිවාඩු වුවත් අපි තානාපති කාර්යාලය විවෘතව තබා තියෙනවා මෙවැනි අයට උදව් කිරීම සඳහා."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ අද (06) අලුයම සිදුකළ වෙඩිතැබීමකින් කුඩා දැරියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබේ.
සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහභාගී වීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රවේශ පත් අලෙවි කිරීමක් සිදු නොකරන බව එම උත්සවයේ සංවිධායකයන් අවධාරණය කරයි.
හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (04) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.