කොස්ගම වෙඩිතැබීමක්
කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ අද (06) අලුයම සිදුකළ වෙඩිතැබීමකින් කුඩා දැරියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබේ.
දරුවන් අතර ඉන්ෆ්ලුවන්සා චිකුන්ගන්යා සහ ඩෙංගු වැනි රෝග වැඩිවීමක් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු සහ චිකුන්ගන්යා රෝගය වැඩි වීමක් දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.
ළමා රෝහල තුළ ඩෙංගු සහ චිකුන්ගන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් ඇතුළත් කර ඇතැයිද පැවසූ විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ ඩෙංගු මාරාන්තික බවත් චිකුන්ගන්යා රෝගයෙන් පසු මාස ගණනාවක් පුරාවට හන්දි කැක්කුම් ආදියෙන්ද පීඩා විඳීමට සිදුවන බවත් ය.
එමෙන්ම ගර්භණී මාතාවන්ට සහ වයසක පුද්ගලයින්ට චිකුන්ගන්යා රෝගය වැළඳුනහොත් එය අසාධ්‍ය විය හැකි බවත් ගර්භණී මව්වරුන් විසින් ප්‍රසූත කරනු ලබන දරුවාටද මෙම තත්ත්වය බලපෑ හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර දැමීම සම්බන්ධව සියලු දෙනා අවධානය යොමුකළ යුතු බවද විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ අද (06) අලුයම සිදුකළ වෙඩිතැබීමකින් කුඩා දැරියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබේ.
සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහභාගී වීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රවේශ පත් අලෙවි කිරීමක් සිදු නොකරන බව එම උත්සවයේ සංවිධායකයන් අවධාරණය කරයි.
හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (04) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.