හෙට (1) සිට නොමිලේ ෂොපින් බෑග් තහනම්
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
අතුරුදහන්කළ උතුරු නැගෙනහිර දමිළ ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව පෙනී සිටියත්, මේ දක්වා අරගත් ක්‍රියාමාර්ග කිසිවක් සාර්ථක කර ගැනීමට ජාත්‍යන්තරය අසමත් වූ බවට උතුරේ මවුවරු දැඩි කනස්සල්ල පළ කර තිබේ.
2017 සිට තමන් ගෙනයන අඛණ්ඩ සත්යග්රහ අරගලේට මේ වනවිට වසර 7ක් ගතවී ඇති නමුත් අතුරුදහන්කළ සිය ඥාතීන් සොයා ගැනීමටත්, අපරාදකරුවන්ට දඩුවම් කිරීමට සහ අතුරුදහන් පවුල්වලට යුක්තිය ඉටුකර ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාවේ මැදිහත්වීම තමන් විශ්වාස කළ බව බලහත්කාරයෙන් අතුරුදහන්කළ ඥාතී සංගමයේ මුලතිව් දිස්ත්‍රික් සභාපතිනී මරියසුරේෂ් ඊස්වරි පවසයි.
සිය ඥාතීන් විනාශ කිරීමටත්, තමන්ට මේ ඉරණම අත්කර දීමටත් ශ්‍රී ලංකා රාජ්‍යයට යුද්ධයේදි ජාත්‍යන්තර සහාය ලැබුණු බවටද ඇය චෝදනා කර තිබේ.
“අපේ ඥාතීන්ට මොකද වුණේ? ඔවුන් කොහේද? ජීවතුන් අතරද නැද්ද? අපේ ඥාතීන් අපෙන් උදුරගෙන ගිහින් මොකද කළේ? මේවට සම්බන්ධ අයට දඩුවම් කරන්න, අපිට යුක්තිය ඉටු කරන්න. අපිව විනාශ කරන්න රාජ්‍යයට උදව් කළේ ජාත්‍යන්තර ප්‍රජාව පමණයි. ඒ නිසා අපි ඔවුන්ගෙන් යුක්තිය ඉල්ලා සිටිනවා. අපේ ඥාතින් තියාගෙන ඉන්නේ කොහේද කියලා දන්නේ ඔවුන් විතරයි.”
තොරතුරු මුලාශ්‍ර : Families of the Disappeared මුහුණු පොතේ පිටුවෙනි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.
සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.