හෙට (1) සිට නොමිලේ ෂොපින් බෑග් තහනම්
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතුළු සේවකයින් පිරිසක් ආරම්භ කළ වැඩ වර්ජනය හේතුවෙන් මේ වනවිට දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වී තිබේ.
දුම්රිය ගමනාගමන අධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ සඳහන් කළේ, අද (10) උදෑසන කාර්යලයීය දුම්රිය කිහිපයක් පමණක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.
උසස් වීම් ලබා නොදීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වැඩ වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ කළහ.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ රාත්‍රි තැපැල් දුම්රිය සියල්ල අවලංගු කිරීමට සිදු විය.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේදී දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගී කරගනිමින් ලංකා ගමනාගමන මණ්ඩලට අයත් බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි.
මේ අතර අද සේවයට වාර්තා නොකරන දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවය හැර ගියා සේ සලකන බව නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.
සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.