දුම්රිය සේවයට කතුන් ගන්න කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරින් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති බවට තොරතුරු අනාවරණයවී ඇති බැවින් ජාතික විගණන කාර්යාලය සියලුම රජයේ ආයතන ආවරණය වන පරිදි විශේෂ විගණනයක් ඊයේ(27) ආරම්භ කර තිබේ.
රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න පැවසුවේ, වාහන අතුරුදන් හෝ අස්ථානගත වීම සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් සකස් කරන බවය.
නව රජය බලයට පත්වීමත් සමග හිටපු අමාත්‍යංශ ලේකම්වරුන් සහ ජනාධිපති උපදේශකයින් භාවිතකළ නිල වාහන රැසක් පසුගිය දිනවල ගාලුමුවදොර ගාල්කර තිබෙනු දක්නට ලැබුණි. ඒ අනුව, කොළඹ ගාලු මුවදොර පිටියේ දමා ගොස් තිබූ සුඛෝපභෝගී වාහන 110 සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහාද විශේෂ විගණන කණ්ඩායමක් එහි පිටත් කර යැවූ බවද ඔහු සඳහන් කළේය.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සමග එක්ව එම විමර්ශනය පවත්වාගෙන යන බව පවසන විගණකාධිපතිවරයා එම වාහන සත්‍ය වශයෙන් පාවිච්චි කළේ කවුදැයි සොයා ගැනීමට අදාල තොරතුරු පරීක්ෂාවද ආරම්භ කළ බව ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන 1794ක් අතුරුදන්ව හෝ අස්ථානගතව ඇතැයි තොරතුරු හෙළිවී ඇත. ඊට මෝටර් රථ 679ක් සහ යතුරුපැදි 1115ක් ඇතුළත් වේ.
මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් වාහන 212ක්ද වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 880ක්ද තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වාහන 45 ක්ද අතුරුදන්ව හෝ අස්ථානගතව හෝ ඇති බව විගණන විමර්ශන වලදී හෙළි වී ඇත.
ඇතැම් රජයේ වාහන වලට අදාල ලිය කියවිලි පවා අස්ථානගතව ඇති හෙයින් එම වාහන පිළිබඳව තොරතුරු සොයා ගැනීම ලොකු අභියෝගයක් වී ඇතැයි විගණන නිලධාරීහු පෙන්වා දෙති.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරින් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ උඩුමහලේ අද (04) උදෑසන සිදුවූ වෙඩිතැබීමෙන් නාගරික මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල් ගත තිබේ.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.