ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් ඇතුළු නියෝජිත කණ්ඩායම මෙම සාකච්ඡාවට සහභාගි විය.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ඇතුළු කණ්ඩායමක් ඊට සහභාගි වූ බවයි.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
ජනාධිපතිවරයා ඊයේ(21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, තුන්වන වාරිකයට අදාළ කාර්යය මණ්ඩල එකඟතාවට හෙට(23) දිනය වනවිට අත්සන් තැබීමට හැකිවනු ඇති බවයි.