උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
බැංකු ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී, තුන්වැනි අදියර වනතුරුම ණය ගෙවීම් පැහැර හැර ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දුන් මූලික ගැටලු සඳහා මේ වන විට විසඳුම් ඉදිරිපත් කර ඇතැයි, මුදල් අමාත්‍යාංශය පවසයි.
මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සඳහන් කළේ වත්මන් බැංකු නීතිය යටතේ තුන්වන අදියර දක්වා ණය පැහැර හැර ඇති පුද්ගලයෙකු ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුවද සලකනු ලබන්නේ තුන්වෙනි අදියරේ ණය පැහැර හැර ඇති පුද්ගලයෙකු ලෙස බැවින් අදාළ පුද්ගලයාට නව ණය මුදල් සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව නොලැබෙන බවයි.
නව විසඳුමට අනුව ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ සහ කර්මාන්ත අමාත්‍යංශයේ නිර්දේශ මත ණය පැහැර හැර ඇති පුද්ගලයින්ට තවත් ණය මුදල් සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
නව විසඳුම සමග මෙවර අයවැයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට වෙන්කර තිබූ රුපියල් බිලියන 5ක මුදල් ප්‍රමාණය ගැටලුළුවකින් තොරව බෙදා දීමට හැකියාව ලැබෙන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ප්‍රකාශ කළේ ය.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ණය මුදල් පැහැර හැර ඇති එවැනි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වරළත් ගණකාධිකාරණ ආයතනයෙන් සහ කර්මාන්ත අමාත්‍යංශයේ නිර්දේශ ලබා ගැනීමට සාකච්ඡා සඳහා සූදානම් විය යුතු බවයි.
අනතුරුව ජාතික ආර්ථිකයට ඵලදායි වන ආකාරයට ප්‍රමුඛතා ලයිස්තුවක් සකස් කර ඉදිරි මාස නවය ඇතුළත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හට අයවැයෙන් වෙන් කළ ණය මුදල් බෙදා දීම සිදු කරන බව නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.