උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
කොළඹ සිට ඉන්දියාවේ නවා ෂෙවා වරාය දක්වා ගමන් කරමින් තිබූ නෞකාවක පිපිරීමක් සිදුව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක් එලෙස පිපිරීමට ලක්ව ඇති බවයි.
අනතුරෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් හතර දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.
අතුරුදන්වූවන් අතරට තායිවාන ජාතිකයින් දෙදෙනෙකු, ඉන්දුනීසියානු ජාතිකයෙක් හා මියන්මාර ජාතිකයෙක් ඇතුළත්.
අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
නෞකා කාර්ය මණ්ඩලයේ 18 දෙනෙකු මේ වන විට බේරාගෙන ඇති අතර එක් අයෙකු බරපතල තුවාල ලබා ඇත.
නෞකාවේ මුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 22 ක්.
නෞකාව පසුගිය 06 වැනිදා කොළඹ වරායෙන් පිටත්ව ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
ගින්න මැඩපැවැත්වීමට ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.