කොස්ගම වෙඩිතැබීමක්
කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ අද (06) අලුයම සිදුකළ වෙඩිතැබීමකින් කුඩා දැරියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පත් කර තිබේ.
මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම වෙත භාර දී ඇත.
මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළ ඔහු මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයකු ලෙස සුරියප්පෙරුම වසර ගණනාවක් ප්‍රාග්ධන වෙළෙඳපොළ නියාමනයට මැදිහත් වී ඇති බවත් එහිදී ලෝක බැංකුවේ පහසුවෙන් ව්‍යාපාරකරණයට අදාළ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට අනුව, සුළු පරිමාණ ආයෝජකයින්ගේ රැකවරණය පිළිබඳ ශ්‍රේණිගත කිරීමෙහි ශ්‍රී ලංකාව 74 වන ස්ථානයේ සිට 28 වන ස්ථානය දක්වා ඉහළට ගෙන ඒමට ඔහු සමත් වූ බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය (MBA) ලබා ඇති ඔහු මැලේසියාවේ කළමනාකරණ හා විද්‍යා විශ්වවිද්‍යාලයෙහි (Management and Science University) ආචාර්ය උපාධිධාරියකුද වේ.
ඔහු එක්සත් රාජධානියේ, කළමනාකරණ ගණකාධිකාරීන්ගේ වරලත් ආයතනය (CIMA) සහ වරලත් සහතිකලත් ගණකාධිකාරි සංගමයේ (ACCA) සාමාජිකයෙකි.
මූල්‍ය විශුද්ධිකරණයට එරෙහි කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස ප්‍රාග්ධන වෙළෙඳපොළ නියෝජනය කරමින් කටයුතු කර ඇති අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ලැයිස්තුගත කිරීම් සඳහා වන ප්‍රතිපත්තිද ඇතුළුව මූල්‍ය ක්ෂේත්‍රය තුළ දැනට ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති සකස් කිරීමටද ඔහු දායක වී ඇති බවත් පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරි තනතුර ඇතුළු ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ අද (06) අලුයම සිදුකළ වෙඩිතැබීමකින් කුඩා දැරියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබේ.
සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහභාගී වීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රවේශ පත් අලෙවි කිරීමක් සිදු නොකරන බව එම උත්සවයේ සංවිධායකයන් අවධාරණය කරයි.
හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට අද (04) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.