CLOSE

පුවත්

රජයේ විධායක නිලධාරින්ගේ මාසික දීමනාව උස්සයි

රජයේ විධායක නිලධාරින්ගේ මාසික දීමනාව උස්සයි

අද(01) සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ විධායක නිලධාරින්ට ලබා දෙන මාසික විධායක දීමනාව රුපියල් 10,000 කින් ඉහළ නංවා ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

වැරදි පාරේ ගිය මූල්‍ය ආයතනවලට ලක්ෂ 30 ක් දඩ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් මූල්‍ය ආයතනවලට ලක්ෂ තිහක දඩ මුදල් පනවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

Read More

ධීවර ප්‍රජාවට රතු නිවේදන

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවැතිය හැකි බවත් මුහුද ඉතා රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Read More

මහේල ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කටයුතු කළ මහේල ජයවර්ධන එම අනතුරෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

නීතිපතිගේ සේවා දිගුව යළි ප්‍රතික්ෂේප යි

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් ට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ජනාධිපතිවරයා දෙවැනි වරටත් ඉදිරිපත් කළ නිර්දේශයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (26) නැවත වතාවක් ප්‍රතික්ෂේප කළේය.

Read More

‘දරුවා රකින්න සහය නොදුන් අය අයිතිය ඉල්ලනවා‘

ශ්‍රී ලංකාව නැමැති දරුවා රැක ගැනීමට කිසිඳු සහයෝගයක් නොදුන් කණ්ඩායම් හුණුවටයේ කතාවේ මෙන් අද දරුවාගේ අයිතිය ගන්න සටන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාති අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (26)පැවසීය.

Read More

මුදල් නඩුවකින් සන්නස්ගල නිදහස්

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා කඳාන ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන එම මුදල ලබානොදී විශ්වාසය කඩ කරන ලදැයි පැවසෙන සිදුවිමක් සම්බන්ධයෙන් උපුල් ශාන්ත සන්නස්ගල ට එරෙහිව කඳාන පොලිසිය කෙටුම්පත් කළ චෝදනා ඉදිරිපත් කිරීම ප්‍රතික්ෂේප කළ වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන චෝදනාවන්ගෙන් ඔහු මුදාහැරීමට ඊයේ (24) නියම කර තිබෙනවා.

Read More

’’මැති ඇමති පනස්හයක් ගෙවල් කුලියට පොලු තියලා’’

මැති ඇමතිවරුන් පනස් හය දෙනකු සිය නවාතැන් වෙනුවෙන් රුපියල් ලක්ෂ තිස් හතක පමණ මුදලක් (හිඟකුලි) ගෙවීම පැහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

Read More

'අලුතෙන් පටන් අරන් තියෙනවා පුද්ගලික ලාභය වෙනුවෙන් වාහන ආනයනය කරන ක්‍රම'

වාහන ආනයන සීමා ඉවත් කිරීමේ හැකියාව තිබුණ ද පුද්ගලික ලාභය වෙනුවෙන් වාහන ආනයන යෝජනා ක්‍රම දියත් ඉරීමේ උත්සහයක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමයේ ලේකම් අරෝෂ් රුද්‍රිගු අද (ජුනි 24) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේය.

Read More