මගී නෞකාවක් පෙරළි සිව්දෙනෙකු මියයයි - 38ක් අතුරුදහන්
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙන්සා ලෙයිලි නම් මොරොක්කෝ AI ඉන්ෆ්ලුවන්සර් ලොව පළමු AI රූ රැජින ලෙස කිරුළු පළඳා තිබේ.
ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමෙහි ආසන්න වශයෙන් ලක්ෂ දෙකක් මෙන්ම ටික්ටෝක් සමාජ මාධ්‍ය ගිණුමෙහි 45000ක් අනුගාමිකයින් සිටින ඇය සම්පූර්ණයෙන්ම පාහේ, එනම් රූපයෙන්, උපන්‍යාසයෙන් මෙන්ම කතාබහෙන් AI නිර්මාණයක් වේ.
ලොව පළමු AI රූ රැජින තරගයේ අවසන් තරගකාරියන් 10 දෙනා විනිසුරුවරුන් විසින් ඉකුත් මස දී නම් කිරීමෙන් අනතුරුව කෙන්සා ලෙයිලි පසුගියදා ලොව පළමු AI රූ රැජින ලෙස කිරුළු පැළඳුවාය.
“AI රූ රැජින ලෙස ලැබූ ජයග්‍රහණය AI තාක්ෂණය දියුණු කිරීමේ මගේ වැඩ කටයුතු කරගෙන යාමට මා තව තවත් පොළඹවයි,” යනුවෙන් ඇය පෙනී සිටි වීඩියෝවක දැක්වුණි.
ලෙයිලි නිර්මාණය කර තිබෙන්නේ ෆීනික්ස් AI සමාගමේ නිර්මාතෘ මයිරියම් බෙසා විසිනි.
ලොව පළමු AI රූ රැජින තරගාවලියට ලොව පුරා AI තරගකරුවන් 1500ක් පමණ සහභාගී වූ බවත් පැවසේ. තරගාවලියේ දෙවැනි ස්ථානය ප්‍රංශයේ ලලිනා වලිනා සහ පෘතුගාලයේ ඔලිවියා සී ට හිමිවිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය සහ ඊශ්‍රායලය රටවල් දෙකම තමන් ප්‍රකාශයට පත් කළ සටන් විරාමය උල්ලංඝනය කළ බව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසයි.
ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.