හෙට (1) සිට නොමිලේ ෂොපින් බෑග් තහනම්
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පසුගිය කාලයේ පෙන්වූ ලිපිගොනු 400 න් 40 කට පමණක් නඩු පැවරීමට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවක් අමතමින් ජනාධිපතිවරයා කියාසිටියේ දිසානායක මන්ත්‍රීවරයා පෙන්වූ ලිපිගොනුවල ඇත්තේ පිටපත් පමණක් බවත් ඒවායේ මුල් ලිපිගොනු තමන් සතුව තිබූ බවත්ය.
"දුෂණය පාලනය කරන්නේ, අවම කරන්නේ, නැති කරන්නේ කෙසේ ද යන වගට යාන්ත්‍රණයක් අපි යෝජනා කරනවා. මම කියන්නෑ හොරු අල්ලනවා කියල. ඒ හොරා පොලිස් සෙල්ලම් කරන එක. මගේ මිත්‍ර අනුර කුමාර දිසානායක ෆයිල් 400ක් පෙන්නුවා එක දවසක. ඒ කොපි. ෆයිල් තියෙන්නේ මං ළඟ. අගමැති හැටියට වෙනම අපිට බාර දුන්නා දුෂණය පිළිබඳ විභාග කරන කොමිසම. ඒක ඉස්සරවෙලා තිබුනේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යටතේ. ඒ ෆයිල් 400 තියෙනවා. ඒ 400න් ඔක්කොම විභාග කරලා අපේ මිත්‍ර ආනන්ද විජේපාල මැතිතුමා 40කට නඩු දැම්මා. ඉතුරු 360 නිකන් හිස්."
2015 යහපාලන රජය යටතේ පිහිටුවන ලද දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක නම්කරන ලද ආනන්ද විජේපාලය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.
සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.