උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙරට ඩෙංගු රෝගීන්ගෙන් 25%ක් පමණ පාසල් යන වයසේ දරුවන් බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ, පාසල්වලින් 50% ක්ම මදුරුවන් බෝවිය හැකි ස්ථාන ලෙස හඳුනා ගෙන ඇති බවත් ඉන් 14% කින් මදුරු කීටයින්ද හමුවී ඇති බවත් ය.
මෙවැනි තත්ත්වයක් හමුවේ පාසල් පද්ධතිය පිරිසිදුව තබා ගැනීමට සිසුන් මව්පියන් හා ගුරුවරුන් විසින් වගබලා ගැනීම අතිශයින් වැදගත් කාර්යයක් බව ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.
ඩෙංගු මර්දනය සඳහා නව චක්‍රලේඛයක්
පාසල්වල ඩෙංගු මර්දනය සඳහා අධ්‍යාපන අමාත්‍යංශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ඒ අනුව පාසල් කාලාපවලට බෙදා පිරිසිදු කිරීම මෙන්ම ඒ සඳහා වගකියන ගුරුවරයෙකු පත් කිරීමටද උපදෙස් දී තිබේ.
අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ, සෞඛ්‍ය අංශ සමග ඒකාබද්ධව පාසල්වල ඩෙංගු මදුරුවන්ගෙන් තොර කලාපයක් බවට පත් කිරීමට විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බවයි.
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 24361 කි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.