රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ප්‍රනීත ආහාර වේලක්
රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට ගුණාත්මක, ප්‍රනීත ආහාර වේලක් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේදී පැවැත්වෙයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ආරාධනයකට අනුව සිය දෙදින ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය අරඹමින් ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ රාත්‍රී 8:30ට පමණ ඉන්දියානු ගුවන් සේවයට අයත් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියේය.
ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සමග එරට විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් ඇතුළු දූත පිරිසක්ද දිවයිනට පැමිණ තිබේ.
දෙරට අතර “සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්” යන සංකල්පය තහවුරු කරමින් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වෙයි.
මෙම උත්සවයෙන් පසු ඉන්දිය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරතවීමට නියමිතය.
ඉන් පසු දෙරට අතර ආරක්ෂක, බලශක්ති, ඩිජිටල්කරණ සහ සෞඛ්‍ය යන ක්ෂේත්රවලට අදාළව අවබෝධතා ගිවිසුම් කිහිපයකටත් අත්සන් තැබීමට නියමිතව බව වාර්තා වෙයි.
එහිදී මෙරට ඉන්දිය ණය ප්‍රතිව්‍යුගතකරණයට අදාළ ගිවිසුම් හුවමාරු කර ගැනීමට නියමිතය.
ඉන්දියාවේ සහයෝගයෙන් ඉදි කෙරෙන සාම්පූර් සූර්ය විදුලි බලාගාර ව්‍යාපෘතියේ පළමු අදියර ආරම්භ කිරීම ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතින් මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කෙරෙනු ඇති.
එමෙන්ම මෙරට ආගමික ස්ථාන 5000ක වහල මත සවිකෙරුණු සූර්ය පැනල ව්‍යාපෘතිය විවෘත කිරීමත් එහිදී සිදුවෙයි.
උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය පාලනය කළ හැකි ලෙස දඹුල්ලේ ඉදිකෙරුණු ශීතාගාර සහිත කෘෂි ගබඩා සංකීර්ණයත් මෝදි අතින් විවෘත කිරීමට නියමිතය.
දෙදින ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය නිමාකරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව ඇත්තේ අප්‍රේල් 06 වැනිදා පස්වරුවේය.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට ගුණාත්මක, ප්‍රනීත ආහාර වේලක් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.
කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ අද (06) අලුයම සිදුකළ වෙඩිතැබීමකින් කුඩා දැරියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබේ.
සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් සහභාගී වීමට නියමිත City of Dreams Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රවේශ පත් අලෙවි කිරීමක් සිදු නොකරන බව එම උත්සවයේ සංවිධායකයන් අවධාරණය කරයි.