උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් අද (17) නිෂ්ප්‍රභ කර තිබේ.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් ඉකුත් 12 වනදා අභියාචනාදීකරණය හමුවේ සලකා බැලුණි.
එහි තීන්දුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කළ අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබිය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.