ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් බද්දක් ඔක්: 01 සිට
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරි වසර දෙකක කාල සීමාව සඳහා නිලධාරීන් තෝරාපත් කරගැනීමට පැවැත්වෙන නිලවරණය සඳහා නාම යෝජනා භාරගැනීම පෙරේදා (22) අවසන් විය.
එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිධුරය සඳහා තරගවැදීමට නාමයෝජනා භාරදී තිබූ එක් පුද්ගලයෙකුගේ නාමයෝජනාවක් මේ වනවිට ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය එළැඹෙන මාර්තු 31 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.
එහි සභාපතිධුරය වෙනුවෙන් වත්මන් සභාපති ශම්මි සිල්වා සීසීසී ක්‍රීඩා සමාජයෙන් නැවතත් නාමයෝජනා ලබාදී තිබේ.
එම තනතුර වෙනුවෙන් නාමයෝජනා ලබාදුන් සෙසු අය වන්නේ එස්එස්සී ක්‍රීඩා සමාජයේ සමන්ත දොඩංවල සහ සැරසන්ස් ක්‍රීඩා සමාජයේ ජයන්ත ධර්මදාස යන අයයි.
කෙසේ නමුත් සභාපති තනතුරට නාමයෝජනා භාරදී තිබූ ගාල්ල ක්‍රිකට් සමාජයේ දිලීප චාල්ස් ගේ නාමයෝජනා පත්‍රයේ ඇති දෝෂසහගත තත්ත්වය හේතුවෙන් ඔහුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට නිලවරණ කමිටුව පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් තනතුරට වත්මන් වැඩබලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත ට අමතරව සමන්ත දොඩංවල සහ බන්දුල දිසානායක යන අයගේ නාමයෝජනා ලබාදී තිබේ.
නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා හෙට (25) පෙ.ව. 9 සිට පෙ.ව. 11 දක්වා කාලය තුළදී භාර දීමට කාලය ලබා දී ඇත.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර තිබේ.
සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පොලිසිය විසින් පුද්ගලයන් 120ක් අත්අඩංගුවට ගෙන තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ට පිටතින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.