ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් බද්දක් ඔක්: 01 සිට
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර තිබේ.
වැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ පා ගමනින් ගමන්කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකුට වෙඩිතබා ඇති බව පොලීසිය පවසයි.
යතුරුපැදි තුනකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් අද (4) අළුයම 1ට පමණ මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇත.
කෙසේ නමුත් මින් වෙඩි වැදී ඇත්තේ පුද්ගලයන් දෙදෙනෙකුට පමණක් වන අතර, ඉන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
තුවාල ලැබූ පුද්ගලයා වැලිගම වලාන රෝහල වෙත රැගෙන ගොස්, පසුව මාතර මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ කප්පරතොට ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, තුවාල ලැබූ පුද්ගලයා ද එම ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් බව පොලීසිය පවසයි.
මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.
වැලිගම පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර තිබේ.
සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පොලිසිය විසින් පුද්ගලයන් 120ක් අත්අඩංගුවට ගෙන තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ට පිටතින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.