ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් බද්දක් ඔක්: 01 සිට
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර තිබේ.
ගසක අත්තක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් මාතර බන්ධනාගාරයේ රැඳවියෙක් මිය ගොස් තවත් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.
මාතර මහ රෝහල සඳහන් කළේ, ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ය.
ඊයේ රාත්‍රී 10.30ට පමණ රැඳවියන් රඳවා සිටින ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ ගොඩනැගිල්ල තුළ රැඳවියන් 400කට අධික ප්‍රමාණයක් සිටි බව බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කළේ ය.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ, මාතර, මිදිගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
මේ වනවිට බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකාය මෙන්ම යුද හමුදාව ද යොදවා ඇති බව වාර්තා වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර තිබේ.
සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පොලිසිය විසින් පුද්ගලයන් 120ක් අත්අඩංගුවට ගෙන තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ට පිටතින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.