දුම්රිය සේවයට කතුන් ගන්න කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරින් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ජාතික ජන බලවේගය මේ රට නව පුනරුදයකට ගෙනයාම සඳහා ගමන ආරම්භ කළේ සංදර්ශන පවත්වා හෝ ජනතාවට බොරු කියා නොවේ යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අද (29) කොළඹදී පැවසුවාය.
කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය උදෙසා පැවති ජනරැළියක් අමතමින් ඒ බව පැවසූ අගමැතිවරයා මෙසේද කිවාය.
අපි මෙච්චර කාලයක් බලාගෙන හිටියේ මේ මොහොත එනතුරුයි. අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් හදලා දෙන්න. අද වෙනකොට මේ රටේ වෙනස් කිරීමේ කාර්යය අපි ආරම්භ කර තිබෙනවා. අපට කිසිම කලබලයක් නෑ. මේ වෙනකොට ඔබලාට පේනවා ඇති සමහර අය කලබල වෙලා එක එක දේවල් කියනවා.
අවුරුදු 75 ක් තිස්සේ, නිහඩව සිටි පිරිසක් කලබල වීමට පටන් අරගෙන. පාස්කු ප්‍රහාරය ගැන වචනයක් නොකියු අය ඒ තොරතුරු දැනගෙන ඒවා වසන් කරාය දැන් අපෙන් ඒ විමර්ශනය පිළිබඳව ප්‍රශ්න කරනවා. එහෙමත් නැත්නම් බඩු මිල වැඩිවීම ඇයි හොරු අල්ලන්නේ නැත්තේවිවිධ කතා කියන්න පටන් අරගෙනවිවිධ ප්‍රශ්න මතු කරන්න පටන් අරගෙන තිබෙනවා.
ඒකට කමක් නෑ ඒ අයට වෙන කරන දෙයක් නැති බව අපි දන්නවාඅපි මේ රටේ බලය ලබාගන්න කටයුතු කළේ සැලසුමක් ඇතිවයිමේ රට හදන්න සැලසුමක් ඇතිවයි ඒ ගැන අපි ජනතාව සමග කතා කළාඇති වී තිබෙන ප්‍රශ්න සැලසුම් සහගතයි විසඳන්න ක්‍රමානුකූලව අපි කටයුතු කරනවා.
අපිට කලබලයක් නෑ සැලසුමක් ඇතුව ක්‍රමානුකූලව අප මේ රට වෙනස් කරනවා. ඒ සඳහා අපට විධායක බලය විතරක් තිබිල මදි පාර්ලිමේන්තු බලයත් අවශ්‍යයි යැයි අගමැතිනිය කීවාය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එංජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරු යන තනතුරු සඳහා කාන්තා නිලධාරින් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අම්බලන්ගොඩ නගර සභා පරිශ්‍රයේ උඩුමහලේ අද (04) උදෑසන සිදුවූ වෙඩිතැබීමෙන් නාගරික මන්ත්‍රීවරයෙකු තුවාල ලබා රෝහල් ගත තිබේ.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.