ආනයනික කිරිපිටි මිල ඉහළට
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේප කළබව කියන පුද්ගලයෙකුට පහර දුන් සමගි ජන බලවේගය ආසන සංවිධායකවරයකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවලපිටිය, බව්වාගම පදිංචි අවුරුදු හතළිස් එකක පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
සැකකරු නාවලපිටිය දොළොස් භාගයේ ප්‍රදේශයේදී සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ගේ ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ නිරතව සිට ඇත.
එහිදී සැකකරු විසින් මැතිවරණ ඡන්ද පත්‍රිකාවක් පැමිණිලි කරුට ලබා දී ඇති අතර එහිදී පැමිණිලිකරු එය ප්‍රතික්ෂේප කර ඇති අතර ඊට උරණ වී සැකකරු පැමිණිලි කරුට පහරදී ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
පහර කෑමෙන් තුවාල ලැබූ පැමිණිලිකරු නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඇසල පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.