ආනයනික කිරිපිටි මිල ඉහළට
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
මාතර තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල පැවැති සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ රැස්වීම්වලට සහභාගි වී කතා පැවැත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ ට ජාතික රූපවාහිනියෙන් සහ ජාතික ගුවන්විදුලියෙන් නොමිලයේ වෙන් කෙරුණු ගුවන් කාලය මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයෙන් අත්හිටුවා ඇත.
ඔහු වෙනත් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීම හේතුවෙන් කොමිසම මෙම පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ගුවන් කාලය දිය නොහැකි බව එම මාධ්‍ය ආයතනවලින් තමාට දැනුම් දුන් බවයි
පටිගත කෙරුණු තමාගේ කතා කිහිපයක් රූපවාහිනියේ මීට පෙර විකාශනය වූ බව පැවසූ හිටපු මන්ත්‍රීවරයා පටිගත කෙරුණු තවත් කතා කීපයක් විකාශනය කිරීමට නියමිතව තිබූ බවද සඳහන් කළේය.
මැතිවරණ නීතිය කඩ නොකළ තමා කළේ ජනතාවගේ ඉල්ලීමක් ඉටුකිරීම පමණක් බවද ප්‍රේමසිරි මානගේ කීවේය.
තමා නීතියට ගරු කරන පුද්ගලයකු බවත් ගුරු වෘත්තියේ නියැලෙන පුත්‍රයා තමා ජනාධිපති අපේක්ෂකයකු හෙයින් ඡන්ද රාජකාරී කටයුතුවලින් පවා පසුගියදා ඉවත්වූ බවත් ඔහු සඳහන් කළේය.
වෙනත් අපේක්ෂකයකු ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව පසුගියදා මානගේ ට අවවාදයක්ද කර තිබිණ.
වෙනත් අපේක්ෂකයන් ප්‍රවර්ධනය කරන ඕනෑම අපේක්ෂකයකුට ජාතික රූපවාහිනියන් සහ ජාතික ගුවන් විදුලියෙන් දෙන ගුවන් කාලය අත්හිටවන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඇසල පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.