ආනයනික කිරිපිටි මිල ඉහළට
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා ක්‍රියාත්මක සියලුම බලපත්‍ර කවුලු ලබන 20වන සිකුරාදා දිනයේ වසා තැබෙන බව පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.
ලබන 21වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා නිලධාරීන් මුදා හැරීමට සිදුවන බැවින් මෙම පියවර ගන්නා බව එම කාර්යාලය පැවසීය.
යම් වාහනයකට දඩ අයකිරීමකින් තොරව වාහන ආදායම් බලපත්‍ර ලබා ගත හැකි අවසාන දිනය බලපත්‍ර කවුලු වසා තැබෙන 20වනදා වන්නේ නම් ජනාධිපතිවරණයෙන් පසු එම කවුලු විවෘත කරන පළමු දිනයේ දීම දඩ මුදල් අය කිරීමෙන් තොරව බලපත්‍ර ගාස්තු ගෙවා වාහන ආදායම් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති බව සඳහන් ය.
එමෙන්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ හැකියාව පවතින බව ද බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනය කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඇසල පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.