දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 ක්
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
පුද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ ඇතුළු සියලුම පුද්ගලික වාහනවල අලවා තිබෙන ජනාධිපතිවරණයට අදාළ ජයාරූප හා ස්ටිකර ගලවා ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පොලීසියට දැනුම් දී තිබේ.
මැතිවරණ නීතිරීතිවලට අනුකුල නොවන අන්දමින් පුද්ගලික බස් රථ, ත්‍රිරෝද රථ ඇතුළු පුද්ගලික වාහනවල අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන අකාරයේ වැකි හා සලකුණු ඡායාරූප ප්‍රදර්ශනය කරන බවට මැතිවරණ කොමිසමට පැමිණිලි ලැබී තිබෙන බවද එම කොමිසම පෙන්වා දෙයි.
එවැනි ක්‍රියා සිදුකිරීම ජනාධිපතිවරණ පනතට අනුව වරදක් වන නිසා පුද්ගලික බස් රථ තුළ හෝ ත්‍රිරෝද රථ ඇතුළු පුද්ගලික වාහන වල මෙවැනි ආකාරයේ ස්ටිකර හෝ පෝස්ටර් ප්‍රදර්ශනය කර තිබෙනවා නම් එවා ඉවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියි.
මෙවැනි දෑ ප්‍රදර්ශනය තිබෙනවාද යන්න හදිසි පරීක්ෂා කිරීම් සිදුකරන ලෙස හා එවැනි දෑ තිබෙනවා නම් ඒවා ගලවා ඉවත් කරන ලෙස පොලීසියට උපදෙස් ලබා දුන් බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඇසල පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ශ්‍රී ලංකාව විසින් සිදුකරන අපනයන සඳහා 30%ක අනෝන්‍ය තීරුබදු පැනවිමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.