පානීය ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න
පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටි යි.
ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබේ.
සේවා ස්ථානයට ආසන්න සේවකයන්ට අවශ්‍ය යැයි හැගෙන්නේ නම් අවම පැය 04 ක කාලයක් වැටුප් රහිතව විශේෂ නිවාඩු ලබාදිය යුතු වේ.
එමෙන්ම සේවා ස්ථානයේ සිට ඡන්ද මධ්‍යස්ථානයට දුර කිලෝමීටර් 40 ට හෝ ඊට අඩුනම් දින භාගයක නිවාඩුවක් ලබාදි යුතුයි.
කිලෝමීටර් 40 ත් 100 ත් අතර දුරක් පවතින්නේ නම් දිනක නිවාඩුවක් හිමියි.
කිලෝමීටර් 100 ත් 150 අතර දුරක් පවතින්නේ නම් දින එක හමාරක නිවාඩුවක් හිමිවන අතර කිලෝමීටර් 150ට වඩා වැඩි දුරක් පවතින්නේ නම් දින 2 ක නිවාඩුක් ලබාදිය යුතු වේ.
දිවයිනේ ඇතැම් ඡන්ද දායකයන් ස්වකීය ඡන්ද පොලට යාමට හා ඒමට දින තුනක් ගතවන අවස්ථා ද සැලකිය යුතු සංඛ්‍යාවක් තිබීම හේතුවෙන් අවස්ථාවෝචිතව දින 03 ක් නිවාඩු දීමට කටයුතු කරන ලෙස ද දන්වා ඇත.
සේවකයන් සිය නිවාඩු ඉල්ලීම ලිඛිතව ඉදිරිපත් කළ යුතුයි.
සෑම සේවා යෝජකයෙකුම විශේෂ ඉල්ලීම් කළ තැනැත්තා හා නිවාඩු ප්රදානය කරන කාලසීමාව දැක්වෙන ලේඛණයක් පිලියෙල කර එය සේවා ස්ථානයේ ප්‍රදර්ශනය කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව දන්වා ඇත්තේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පවතින වියලි කාලගුණික තත්ත්ව හේතුවෙන් සෞඛ්යාරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටි යි.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී මඩකලපුව බන්ධනාගාරයේ සිටිමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් භාවයකින් සිටි බව මේ වන විට කරුණු අනාවරණය වී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේය.
ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ සිටි සිරකරුවකු නිදහස් කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.