උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
හරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර ගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් හෙට (12) ජාතික මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන බව, පාර්ලිමේන්තුව පවසයි.
පාර්ලිමේන්තු මහලේකම් කුෂානී රෝහණධීර සඳහන් කළේ, ඔවුන්ගේ මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් වන තීන්දුව මෙතෙක් ලැබී නොමැති බවයි.
ඒ අනුව හෙට එම අධිකරණ තීන්දුව ලබාගෙන, මැතිවරණ කොමිසම දැනුවත් කරන බව, ඇය සඳහන් කළේ ය.
මනූෂ නානායක්කාර හා හරීන් ප්‍රනාන්දු, පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය, නීත්‍යානුකූල නිවැරදි තීරණයක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ, පසුගිය 9 වැනිදායි.
ඒ, පක්ෂ තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ගොනුකළ පෙත්සම් නිශ්ප්‍රභ කරමිනි.
මනූෂ නානායක්කාර ගේ මන්ත්‍රී ධුරයට, මනාප ලැයිස්තුව අනුව, බන්දුලාල් බණ්ඩාරිගොඩ පත් කිරීමට නියමිතයි.
හරීන් ප්‍රනාන්දු ගෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට සුදුස්සෙකු මෙතෙක් නම්කර නොමැත.
newsfirst.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.