උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී ප්රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන ඇය 80 වියෙහි පසුවිය.
වර්ෂ 1962 ජූලි 01 වැනිදා ඇය ගුවන් විදුලියට එක්වූයේ සහය නිවේදිකාවක් ලෙසයි.
වෙළෙඳ සේවයේ සම්බන්ධතා මැදිරි නිවේදිකාවක් ලෙස මුළින්ම හඬ අවධි කළ ඇය ස්ථිර නිවේදිකාවක් ලෙසින් ගුවන්විදුලිය තුළ පසුකාලීනව ස්ථාවර වූණා.
ඇය නිවේදන කටයුතු කළ “පිබිදෙන ගායක පරපුර”, “ෆොරෑන්ස් වාසනා හත”, “ඕවල්ටීන් පැනපොඩි”, සිනමා ප්‍රවර්ධන වැඩසටහන් සහ “රේඩියෝ සඟරාව” එකළ වඩාත් ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහන් අතර වූ බව රහසක් නොවේ.
එකළ රජයට පවරාගත් ස්වාධීන රූපවාහිනියේත් , ජාතික රූපවාහිනියේත් පළමු ප්රවෘත්ති නිවේදිකාව ලෙසින් ජීවමාන පුරාවෘත්තයන් අතරට එක් වූ ඇය, මෑතකදී ලක්හඬ ගුවන්විදුලියෙහි ඉදිරිපත් කළ “හෙවනට එන්න ” වැඩසටහනින් ද රසික සිත් සෙනෙහසින් ආමන්ත්‍රණය කරන්නට ඇය යළිත් සමත් වුණා.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.