නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පවසන්නේ, ඡන්දහිමියාට ඉදිරියේදී තැපෑලෙන් ලැබීමට නියමිත නිල ඡන්ද දැන්වීම්පතෙහි සඳහන් ඡන්ද පොළට පරිබාහිර ඡන්ද පොළකදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකුටත් අවකාශ නොමැති බවය.
මීට අමතරව තැපැල් ඡන්ද හිමිකම ඇති අයෙකුට තමාගේ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලයේදී ඔහු ඉදිරියේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව පවතී.
2024 ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ගේ ලිපිනය වෙත ඡන්දහිමියාගේ නම, ඡන්දය ප්‍රකාශ කළ හැකි ඡන්ද මධ්‍යස්ථානය සඳහන් කර නිල ඡන්ද දැන්වීම්පතක් තැපෑලෙන් ලැබෙනු ඇතැයි එහි සඳහන්ය.
එහි සඳහන් ඡන්ද පොළට පරිබාහිර ඡන්ද පොළකදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකුටත් අවකාශ නොමැති බව මැතිවරණ කොමිසම අවධාරණය කරයි.
අදාළ නිවේදනය පහතින් දැක්වේ,
