මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස හමුවීමට තමන්ට කිසිදු හේතුවක් නොමැති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසනවා.
තමන් විපක්ෂ නායක හමු වී ඇති බවට ජනාධිපති උපදේශක ආශු මාරසිංහ කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් සිය X සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තැබූ නාමල් රාජපක්ෂ පවසා සිටියේ,
”ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මා සහ සජිත් ප්‍රේමදාස අතර හමුවක් සිදු වූ බව කියන එක සම්පුර්ණයෙන්ම අසත්‍යයක්. එවැනි හමුවීමක් සිදු වුණේ නැහැ මට ඔහුව හමු වීමට හේතුවක් නැහැ,” යනුවෙනි.
මෙවැනි පුවත් පළ කිරීමට පෙර තමා සමඟ හෝ තම කාර්යාලය මඟින් ඒවා තහවුරු කර ගන්නා ලෙස මාධ්‍ය සගයන්ගෙන් ඉල්ලා සිටින බවද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.