මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ සාපේක්ෂ ප්‍රමාදයත් ඡන්ද ව්‍යාපාරයේම කොටසක් බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජිව එදිරිමාන්න පවසයි.
මාධ්‍ය හමුවේ ඔහු මෙලෙස අදහස් දැක්වීය,
මාධ්‍යවේදියා : ''පොහොට්ටු අපේක්ෂකයා මේ සතියේ නිකුත් කරනවා ද ?''
මන්ත්‍රීවරයා : ''සතියක් යන එකක් නෑ. සතියක්වත් යන එකක් නෑ කියලා මම කිව්වේ.
යම් අවිනිශ්චිතභාවයක් විදියට පේන දේවල් කැම්පේන් එකේ කොටස් විදියට අවසානයේ දී එළියට එයි.''
මාධ්‍යවේදියා : ''වැඩිපුරම ධම්මික පෙරේරා මහතා ගේ නම ඇහෙනවා. ඒක ඇත්තක් වෙලාද?''
මන්ත්‍රීවරයා : ''වැඩිපුර ඇහෙනවා නේද ඔව් වැඩිපුර ඇහෙනවා. දේශපාලනයේ දී අපි සිදු කරන බොහෝ දේවල් මහජනයා සමග අපේ වැඩපිළිවෙල සාකච්ඡා කරන අවස්ථානේ. අපේක්ෂකයෙක් එකවර ඉදිරිපත් කරනවානම් ඒකත් කැම්පේන් එකේ කොටසක්. අප තුල තිබෙන සාපේක්ෂ ප්‍රමාදයත් කැම්පේන් එකේ කොටසක්."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.