උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
මන්නාරම වෙඩිතලතිව් රක්ෂිත වනාන්තර කලාපයෙන් කොටසක් රක්ෂිත භාවයෙන් මුදාහරිමින් වනජීවී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් නිකුත්කළ ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) අවසර ලබාදුන්නේය.
පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත්කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකාබැලීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
ඉන් අනතුරුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 12 වනදා පැවැත්වීමට ද අධිකරණය දින නියම කළේය.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ රක්ෂිත වනාන්තර කලාපයක් ලෙස නම්කර තිබෙන වෙඩිතලතිව් රක්ෂිත කලාපයෙන් අක්කර දෙදහස් පන්සීයකට ආසන්න භූමි ප්‍රමාණයක් ඉස්සන් වගාවට යැයි සඳහන් කරමින් රක්ෂිත භාවයෙන් මුදාහැරීම සඳහා වනජීවී විෂයභාර අමාත්‍යවරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි.
එම ගැසට් නිවේදනය වනජීවි හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධානයන්ට පටහැනි යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් මෙම ක්‍රියාව නිසා අදාළ වනාන්තර කලාපයට පිවිසෙන සංක්‍රමණික පක්ෂීන්ට මෙන්ම ජල ජීවීන්ට ද විශාල අගතියක් සිදුවන බවත් සඳහන් කළේය.
මේ හරහා ප්‍රදේශයේ ජෛව විවිධත්වයට ද දැඩි බලපෑමක් සිදුවන හෙයින් අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.
adaderana.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
උණුසුම් කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.