මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
කොහුවල ගුවන් පාලම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතින් අද (17) විවෘත කෙරිණි.
කොහුවල මංසන්ධියේ පැවති අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස හංගේරියානු ආධාර මත ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව කොහුවල මංසන්ධියේ මෙම ගුවන් පාලම ඉදි කළේය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොළොවත්ත, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ හිටපු නගරාධිපනී සුනේත්‍රා රණසිංහ යන අය ගුවන් පාලම විවෘත කිරීමට එක්ව සිටිය හ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.