මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට සහ සඳුදා වැසේ
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නව නායකත්වයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න පත් කර තිබේ.
පත් කිරීමේ උත්සවය එම පක්ෂයේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී අද (16) පස්වරු 2 ට පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර,
"නිරෝෂන් ප්‍රේමරත්න සහෝදරයා නිල වශයෙන් අපිත් එක්ක එකතු වෙනවා. ඒ අතර අපි සහෝදරත්වයෙන් ඔහු පිලිගන්නවා. මේ රටේ දේශපාලන පෙරලියක් කරන්න පුළුවන් දේශපාලන ජන බලවේගයකට. ජනතා පදනම අපි දිනාගන්න තරමට අපිට දේශපාලන බලවේගයක් වෙන්න පුළුවන්. අද වෙනකොට නිරෝෂන් සහෝදරයා විශාල පිරිසක් එකතු කරගෙන තිබෙනවා. යම් නිරවුල් නිවහල් උතුම් හැඟීම් අරමුණු රාශියක් මුල් කරගෙන."
පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර අසනීප තත්ත්වයෙන් පසුවීම මෙම තීරණයට ප්‍රධාන හේතුව වූ බවයි වාර්තා වන්නේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මධ්‍යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කර තිබේ.
මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ නායයෑම් රතු නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
නැගෙනහිර තරංගාකාර සුළං ප්රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.