හෙට (1) සිට නොමිලේ ෂොපින් බෑග් තහනම්
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
දේශපාලනය කිරීමට ඕනෑම අයෙකුට අයිතිය තිබෙන නමුත් රට ඉදිරියට ගෙන යන ආර්ථික රාමුව බිඳ දැමීමට කිසිවෙකු කටයුතු නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ නීතිඥවරු සමඟ පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක දීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට අත්සන් තැබීමත් සමඟ පසුගිය සති කිහිපය තුළ මෙන්ම ඊට පෙර සිදු වූ වැඩවර්ජන ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වූ ඒවා බවද එහිදී ජනපති පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති රනිල් වික්‍රමසිංහ,
‘’පාර්ලිමේන්තුව තුළ විවිධ අදහස් තිබෙන්න පුළුවන්. නමුත් රටේ ආර්ථික රාමුව නොකඩා ඉදිරියට ගෙන යා යුතුයි. අද බොහෝ දෙනෙකුට අවශ්‍යව ඇත්තේ මෙම රාමුව බිඳ දැමීමටයි. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට අත්සන් කළ පසු පසුගිය සතියේ සහ ඊට පෙර වැඩ වර්ජන කීයකට මුහුණ දුන්නද, එහෙම වෙන්නේ මේ වසරේ සැප්තැම්බර්, ඔක්තෝබර් වල ජනාධිපතිවරණයක් පැවැත්වෙන නිසායි. වැඩ වර්ජන කරන්න අවශ්‍ය නැහැ. තමන් එක් පක්ෂයකට කැමති නැත්නම් වෙනත් පක්ෂයකට ඡන්දය දෙන්න. ඔවුන් උත්සාහ කළේ මෙම ආර්ථික රාමුව බිඳ දැමීමටයි. නමුත් ජනතාව ඊට විරුද්ධ වුණා. දැන් අපට තිබෙන්නේ රට ලබාගත් ජයග්‍රහණය තහවුරු කරගෙන රට අලුත් මාර්ගයක ගෙන යනවාද, නැත්නම් පැරණි ක්‍රමය අනුව කටයුතු කරනවාද කියා තීරණය කිරීමයි.
අද මෙම අවස්ථාවට ඔබ සියලුදෙනාගේ පැමණීම විශාල ශක්තියක් බව ප්‍රකාශ කළ යුතුයි. අපි සියලුදෙනා එකතුවෙලා රට ඉදිරියට ගෙන යමු. ඉන්පසු නැවතත් වසර 05කින් පසු පක්ෂ දේශපාලනයේ නිරත වෙමු.
රටට ස්ථාවර ආර්ථික ක්‍රමයක් අවශ්‍යයි. ප්‍රංශයේ පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු වටයේදී සියලුදෙනා සිතුවේ අන්තවාදී දක්ෂිණාංශය ජයග්‍රහණය කරනු ඇති බවයි. නමුත් එහි මැද අවස්ථාවේදී දක්ෂිණාංශයක්, වමත් තිරණය කළා අපි තරගයකට යන්නේ නැතිව ඒ ආසනවල තුන්වැනියා ඉවත් කරමු කියලා. මගේ පක්ෂය නම් තුන්වැනියා මගේ පක්ෂයෙන් අයින් කරනවා, ඔබේ පක්ෂයෙන් ඔබ අයින් කළ යුතුයි කියලා. දැන් මේක අනෙක් පැත්තට පෙරළී තිබෙනවා. ඒ අනුව එකට වැඩ කර ඉදිරියට යාමට අවස්ථාවන් තිබෙනවා. අප මේ රට තුළ ඇතිකළ යුත්තේ එම තත්ත්වයයි.
අපි රට තුළ සිදු කළ දේශපාලන පෙරළිය තහවුරු කරගෙන ඉදිරියට ගොස් රටේ අනාගතය ගොඩනඟමු. අපට හැමදාම සිඟමන් යදින ජාතියක් වෙන්න බැහැ. ආර්ථික වශයෙන් පහළට යන්නත් බැහැ, රට ශක්තිමත් ආර්ථිකයක් තුළ ඉහළට ඔසවා තැබිය යුතුයි. එම වගකීම ඉටුකිරීමට සියලුදෙනා එක්වෙමු කියා ආරාධනා කරනවා.''
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
වෙළෙඳසැල් සහ සුපිරි වෙළෙඳසැල් මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ රැගෙන යාම සඳහා නොමිලයේ ලබා දෙන ෂොපින් බෑග් නිකුත් කිරීමේ තහනම හෙට (1) සිට දිවයින පුරා ක්‍රියාත්මක වීමට නියමිතය.
විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමට සමගාමීව දවසේ පැය විසි හතර පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් හඳුන්වා දී තිබේ.
සමාජ ස්ථාවරත්වය වෙනුවෙන් මත් උවදුර පරාජයට පත්කළ යුතු බවත් ඒ වෙනුවෙන් තමා සහ ආණ්ඩුව විසින් තබන ලද පියවර නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.