ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් බද්දක් ඔක්: 01 සිට
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කරන ලද මෝටර් රථ 140 ක් අමාත්‍යාංශය සතුව නොපවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළව 2023 වර්ෂය වෙනුවෙන් නොබෝදා නිකුත් කළ විගණන වාර්තාවේ වත්කම් කළමනාකරණ විගණන නිරීක්ෂණ යටතේ මේ බව සඳහන් කර ඇත.
අස්ථානගතව ඇති වාහන 141 ක් පිළිබඳව තොරතුරු මේ වන විට නිශ්චිතව සොයා ගැනීමට නොහැකි වීම නිසා දැනට මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයිද අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් විගණන කාර්යාලය වෙත පිළිතුරු ලබාදී ඇත.
මෙම වාහන නිවැරදිව හඳුනාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම හා අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම කලයුතු බව විගණන කාර්යාලය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිර්දේශ ලබා දී තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර තිබේ.
සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පොලිසිය විසින් පුද්ගලයන් 120ක් අත්අඩංගුවට ගෙන තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ට පිටතින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.