ආදර සම්ප්‍රයුක්ත "කුමුදු මතක"
මේ සටහන ලියන්නේ කුමුදු කුමාරසිංහගෙ "කොළඹ මතක 2" ලයිව් බලන් ඉඳලා ඉවර වෙච්ච හැටියේ. එතනට භෞතිකව ආපු කට්ටිය මේ මොහොතේ බටර් කේක් කට්ලට් කාලා තේ එකක් බිබී කයියක් ගහනවා ඇති. සමහරු රෑට සෙට් වෙයි. මාත් හවස් වෙලා තනියම පොඩි අඩියක් ගගහ කුමුදු මතක කියවනවා. මේ ලියන්නෙ ඊට කලින්.