ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
නුගේගොඩ දී අද(21) පැවැත්වෙන මහජන රැළියේදී අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට බාධාවක් ඇති නොවන ලෙසට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන්නැයි පොලිසිය අදාළ සංවිධායකයින්ට දැනුම් දී තිබේ.
අද දහවල් 2ට නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී පැවැත්වීමට නියමිත මහජන රැළියක් සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම සඳහා පොලිසියෙන් අවසර ඉල්ලා ඇති අතර අද(21) පෙරවරු 8.30 සිට උදෑසන 10.40 දක්වාත් / පස්වරු 2.00 සිට පස්වරු 5.00 දක්වාත් අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් එහිදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේ දී පවතින නීතිවලට අනුව කටයුතු කරන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ.
එමෙන්ම සිසුන්ට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථානවලට පැමිණීමට මෙන්ම විභාග කටයුතු අවසන් වීමෙන් පසු යළි පිටවයාමට ඉඩ දිය යුතු බවත් පොලසිය දැනුම් දී ඇත.
එමෙන්ම විභාගය පැවැත්වෙන අවස්ථාවේදී ඊට කිසිදු බාධාවක් ඇති නොවන අයුරින් කටයුතු කිරීමට වග බලා ගන්නා ලෙසට ශබ්ද විකාශන යන්ත්‍ර කොන්දේසි ලබා දී තිබේ.
ඒ අනුව රැළිය පැවැත්වෙන පරිශ්‍රය තුළ පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන ලෙසත් බලපත්‍ර කොන්දේසි අනුව කටයුතු කරන ලෙසත් පොලිසිය බලපත්‍ර ඉල්ලුම්කරුවන් වෙත දන්වා ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.