ආනයනික කිරිපිටි මිල ඉහළට
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
දෙස් - විදෙස් නිරීක්ෂකයින් 8000 කට ආසන්න පිරිසක්, ජනාධිපතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියේ නිරත වේ.
ජාත්‍යන්තර නිරීක්ෂකයින් 116 දෙනෙකු ඊට ඇතුලත් අතර ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ඉන් 78 දෙනෙකු යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින්, 22 දෙනෙකු පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයින්, 9 දෙනෙකු ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය නියෝජනය කරමින් පැමිණි නිරීක්ෂකයින් බවයි.
මේ අතර, මැතිවරණ කොමිසමේ ආරාධනය මත දකුණු ආසියානු කලාපීය රටවල නියෝජිතයින් 7 දෙනෙකු ද මෙවර මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා පැමිණි බව ජාතික මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.
ඔවුන් මැතිවරණ දිස්ත්‍රික්ක 22 ම ආවරණය වන පරිදි නිරීක්ෂණ ක්‍රියාවලියේ නිරත වේ.
ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ද, විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක ය.
නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් පැෆරල් සංවිධානයෙන් නිරීක්ෂකයින් 4000 කට අධික සංඛ්‍යාවක්, ඒ සඳහා යොදවා තිබේ.
කැෆේ සංවිධානයෙන් යොදවා ඇති නිරීක්ෂකයින් සංඛ්‍යාව, 1750 කි.
ජංගම නිරීක්ෂණ රථ 120 ක්, ඒ සඳහා යොදවා ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ මනාස් මකීන් සඳහන් කළේ ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඇසල පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.