විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
රේගුවට හොර රහසේ ආනයනය කර ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කළේ යැයි කියන අධි සුඛෝපභෝගි වාහන 400ක් අතුරින් වාහන 06ක් අල්ලස් කොමිසමේ බාරයට ගෙන ඇත.
එලෙස අල්ලස් කොමිසමේ බාරයට ගත් අති සුඛෝපභෝගි මෙම වාහන 168ක් හොර රහසේ ආනයනය කිරීමෙන් රජයට රුපියල් කෝටි 700කට අධික පාඩුවක් කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කරන විමර්ශනයේදී හෙළි වු තොරතුරුවලට අනුව මෙම වාහන බාරයට ගත් බව අල්ලස් කොමිසමේ ප්රකාශයෙක් සඳහන් කළේය.
එලෙස අල්ලස් කොමිසමේ බාරයට ගෙන ඇත්තේ රුපියල් කෝටි 4 සිට 6 දක්වා වටිනාකමින් යුත් මොන්ටෙරෝ, ලැන්ඩ්කෲසර්, අධි සුඛෝපභෝගී කැබ් සහ නිසාන් වර්ගයේ අධි සුඛෝපභෝගී ද්විත්ව කාර්ය රථ ඇතුළු වාහන බව ද එම ප්‍රකාශයා සඳහන් කළේය.
2015 සිට 2022 දක්වා කාලය තුළ අධි සුඛෝපභෝගී වාහන 400ක් පමණ හොර රහසේ මෙරටට ආනයනය කර ඇති බවට අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරු වලට අනුව කළ විමර්ශනවල දී අනාවරණය වූ කරුණු පදනම් කර ගනිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ මෝටර් රථ 112ක් පැවරීම හෝ අන්සතු කිරීම හෝ වළකාලමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කර ඇත.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
තද සුළං, තද වැසි සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
පිරමීඩාකාර යෝජනාක්‍රමයක් පවත්වාගෙන යාම, ප්‍රවර්ධනය කිරීම හා එම යෝජනාක්‍රමය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාව යටතේ සැකකරුවන් 7 දෙනෙකු ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.