ආනයනික කිරිපිටි මිල ඉහළට
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.
චීන එක්සිම් බැංකුව, චීන සංවර්ධන බැංකුව, නිල ණය හිමියන්ගේ කමිටුව සහ බැඳුම්කර හිමියන් සමඟ ඇති කර ගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 17කට අධික ණය සහනයක් හිමිව ඇතැයි රජය පවසයි.
මේ අතර වත්මන් ශුද්ධ ණය වටිනාකමින් 40.3% ක් සඳහා සහනයක් ලබාගනිමින්, දළ වශයෙන් ඩොලර් බිලියන 17.5 ක විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය බාහිර වාණිජ ණය හිමියන් සමඟ ද එකඟතාවකට එළැඹ තිබේ.
මෙමඟින් සැලකිය යුතු ණය සහනයක් හිමිවන අතර ණය පොලී ගෙවීම් අඩු කරමින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට හැකියාව ලැබෙන බව රජය පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඇසල පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.