සබරගමුවේ විශේෂ පොලිස් මෙහෙයුමකින් 120ක් අත්අඩංගුවට
සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පොලිසිය විසින් පුද්ගලයන් 120ක් අත්අඩංගුවට ගෙන තිබේ.
රේගුව විසින් නිදහස් කළ බහාලුම් අතර එස්පෝ ලංකා යන ආයතනය නමින් ආනයනය කර ඇති බහාලුම් කිසිවක් අඩංගු නොවන බව ශ්‍රී ලංකා රේගුව නිවේදනය කරයි.
ආනයන බහාලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පිළිබඳ විශේෂ පැහැදිළි කිරීමේ මාධ්‍ය නිවේදනයක් අද (29) පස්වරුවේ නිකුත් කරමින් ශ්‍රී ලංකා රේගුව විසින් මේ බව පවසයි.
කරුණු 8කින් යුත් මෙම නිවේදනයේ භාණ්ඩ නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව අනුගමනය කරන ක්‍රමවේදය, පරික්ෂාව සඳහා තෝරා ගන්නා ලද බහාලුම් නිදහස් කිරීම ප්‍රමාදවීමට හේතු වූ කරුණු ද ඇතුළත් කර තිබේ.
එසේම, අවි ආයුධ, රත්රන් හා මත්ද්‍රව්‍ය වැනි භාණ්ඩ නීති විරෝධිව රට තුළට පැමිණීමේ හා රේගු ආදායම අහිමිවීමේ හැකියාවක් නොපැවති බවත් එම නිවේදනයෙන් ශ්‍රී ලංකා රේතුව වැඩිදුරටත් පවසා සිටියි.
එම නිවේදනය පහතින්,
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පොලිසිය විසින් පුද්ගලයන් 120ක් අත්අඩංගුවට ගෙන තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ට පිටතින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණිය අත් අඩංගුවට ගෙන තිබේ.