ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් බද්දක් ඔක්: 01 සිට
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර තිබේ.
ගෙවුණු පැය 24ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ රිය අනතුරු 10කින් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබේ.
හැටන්, පින්නදූව, මාරවිල, අම්බලන්තොට, ගම්පොල, හෙට්ටිපොළ, මඩකලපුව, මිරිහාන, කැබිතිගොල්ලෑව සහ සීදුව යන ප්‍රදේශවලින් එම අනතුරු වාර්තා වී ඇති බව යි පොලීසිය ප්‍රකාශ කළේ.
මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග,
"උත්සව සමය එළැඹීමත් සමග මහා මාර්ගවල වැඩි වශයෙන් වාහන ගමනාගමනයක් වගේම පදිකයිනුත් බහුලව ගැවසීමක් දකින්න පුළුවන්. පදිකයන් වශයෙන් ඔබ මාර්ගයේ ගමන් කරන කොට ඉතාම සුපරික්ෂාකාරීව ගමන්කරන්න ඕනේ. ඒ වගේම රියදුරෙක් වශයෙන් ඔබ ඉතාම සැලකිල්ලෙන් මාර්ගයේ ධාවනය කළ යුතුයි."
මේ අතර මේ වසරේ ගතවූ කාලය තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 2,243 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
ජනවාරි මස පළමුවන දින සිට දෙසැම්බර් 13 වන දින දක්වා කාලය තුළ දිවයින පුරා රිය අනතුරු 22,967ක් වාර්තා වී ඇති අතර ඉන් 2,141ක් මාරක රිය අනතුරු බව පොලීසිය සඳහන් කළේය.
එම කාලය තුළ රිය අනතුරුවලින් බරපතළ තුවාල ලැබූ සංඛ්‍යාව 4,552 දෙනෙකු වන බව ද සඳහන්ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර තිබේ.
සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පොලිසිය විසින් පුද්ගලයන් 120ක් අත්අඩංගුවට ගෙන තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ට පිටතින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.